බියර්වලට කැමති අයට බියර්වල බැහැලා ඉන්න හැකි තටාක ඇත්තේ ඔස්ට්‍රියාවේ ස්ටාර්කන්බර්ග් මාලිගාවේ නමින් බියර් හදන වසර සිය ගණනක් පැරණි ස්කාගාරයේ දී ය. ඔස්ට්‍රියන් (ජර්මන්) බසින් ඇති නිල අඩවියට ඔය සබැඳියෙන් යා හැකි ය.
අඩි 13 ක් දිග උණුසුම් බියර් පිරුණු තටාක (pools) 07 ක් ඇත. එක තටාකයක් බියර් පයින්ට් 42,000 ක්, වතුර ලීටර් 12,000 කට බියර්ගෙලාගර් (Biergeläger) යීස්ට් වර්ගයෙන් ලීටර් 300 ක් එක් කර පුරවා ඇත.
ස්ටාර්කන්බර්ග් මාලිගාව වසර 700 ක් පැරණි ස්ථානයකි. එය ජරාවට යද්දී එහි පැරණි ඉස්කාගාරය ඔවුන් බියර් ස්පා එකකට හරවා තිබේ. බහින තටාකයේ බියර් උණුසුම්ව තැබුණ ද එහි බැස සිටිය දී බොන්නට සීතල බියර් ඇණුවම් කළ හැකි ය.
අතීතයේ දී මෙන්ම එය වර්තමානයේ දී ද පවත්වාගෙන යන්නේ කාන්තාවන් වෙතිනි. තුර්කි නාන කාමර විලාසිතා අනුගමනය කරමින් මෙහි ඇතුළත නිර්මාණය කර ඇත.
බටහිර යුරෝපීය රටවල විශේෂයෙන්ම ජර්මනිය සහ ඔස්ට්‍රියාව රටවල දී ස්පා නිවාඩුවක් යෑම වෛද්‍යවරයෙක් විසින් අනුමත කරන්නේ ද එහි වැය සෞඛ්‍ය රක්ෂණයෙන් ගෙවයි.
එම සබැඳියම පුරාතන ඊජිපත්තුවේ ක්ලියෝපැට්‍රා විසින් බියර්වලින් නෑවා යැයි ද එයින් පුනර්ජීවයක් ලැබෙනවා යැයි පැරැන්නෝ විශ්වාස කළා යැයි ද සඳහන් කරති. රූමත් ක්ලියෝපැට්‍රා නාපු දේවල්වල ලැයිස්තුවට මී පැණි, එළු කිරි, ඇඹුල් කිරි, කංකුම (saffron) යනාදිය ද ඇතුළත් ය.
එය ජනප්‍රිය ස්ථානයක්වීම හේතුවෙන් තටාකයක් එක පුද්ගලයෙකුට ඩොලර් 298 ක මුදලකටත් අමතර පුද්ගලයෙක් සඳහා ඩොලර් 6.50 ක් බැගින් ද ගෙවා කළින් වෙන් කරවා ගත යුතු ය. පැය දෙකක් එහි බැස ඉන්නට ලැබෙද් දී කන්නට අමතර ගාස්තුවක් නොමැති ව බියර් ක්‍රැකර් ද, ඒවායේ තවරා කන්නට “ටයිරෝලියන් මස් ස්ප්‍රෙඩ්” එකක් ද ලැබේ.
ගෙදර ගෙනියන්නට තමන් නාපු බියර් පෙණ ඇති බෝතලයක් ද එහි බැස සිටි සෑම පුද්ගලයාටම බැගින් ලැබේ. තටාකයේ ඇති බියර් බීම අවදානම් සහිත යැයි අනතුරු අඟවති.
Wednesday, October 22, 2014
බොන්න නොවෙයි නාන්න බියර් !
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment