ඇමරිකාව හා රුසියාව අතර සබඳතා මීට වඩා පහළ මට්ටමකට ඇද වැටීමේ ඉඩක් නොමැති බව රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පවසා තිබේ.
රුසියාවේ විදෙස් සබඳතා පිළිබඳ විවෘත සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ මෙය නව ශීත යුද්ධයකට සමාන කළ නොහැකි වුවද දිගු කාලයක් පුරා පැවතිය හැකි බවයි.
මෙම යුගය පසුකාලීන ඉතිහාසඥයන් විසින් වර්ණවත්ව සටහන් කරනු ඇති බව ලැව්රොව්ගේ අදහසයි. ආතතිය උත්සන්න කිරීමට කටයුතු කළේ වොෂින්ටන් පාර්ශ්වය බවත් මෙම තත්වය අසාමාන්‍ය බවත් ඔහු පවසා තිබේ.
ඇමරිකාව විසින් රුසියාව හුදකලා කිරිමට ගනු ලැබූ පියවරයන් ඔවුන්ටම හානි ගෙන එන සුළු බව සඳහන් කර ඇති රුසියානු විදේශ ඇමතිවරයා පෙන්වාදී ඇත්තේ එවැනි කලාපයන් වෙත පවා ප‍්‍රවේශවීමට ඇමරිකාව පසුබට නොවූ බවයි.
උදාහරණයක් ලෙස න්‍යෂ්ටික අවි සීමාකිරීම සඳහා පත්කරනු ලැබූ ඇමරිකා-රුසියා ජනාධිපති කොමිසම පවා ඇමරිකාව විසින් අත්හිටුවා තිබීම ලැව්රොව් විසින් දක්වා ඇත.
මේ වන විට මෙම අර්බුදකාරී තත්වය සමස්ත ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතම බලපාමින් ඇති බවත් එය විසඳාලීම සඳහා කිසිදු විකල්පයක් රුසියාවට නොපෙනෙන බව ඔහු පවසා තිබේ.
ඒකපාර්ශ්වික සම්බාධක සාධනීය නොවන බවත් තත්වයන් වර්ධනය කල හැක්කේ සමානයන් අතර කථාබහක් ලෙස පමණක් බව ඇමරිකාව හා යුරෝපා සංගමය විසින් අවබෝධ කරගනු ලැබීම විසඳුමක් සඳහා අත්‍යවශ්‍ය වන බව ඔහුගේ අදහසයි.
Wednesday, October 22, 2014
ඇමරිකා රුසියා සබඳතා මීට වඩා කඩා වැටෙන්නේ නෑ – රුසියාව
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment