STF කඳවුරු 3ක් හුදකලා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

STF කඳවුරු 3ක් හුදකලා කරයි

STF කඳවුරු 3ක් හුදකලා කරයි

රටපුරා පැතිර යන කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කැළණිය, කලුබෝවිල සහ රාජගිරිය යන පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03 හුදකලා කිරීමට තීරනය කර තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad