සෞදියේ රැඳීසිටින පිරිස් වහාම ලංකාවට ගේන්න - ජනපති බලධාරීන්ට පැය 48ක් කල්දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

සෞදියේ රැඳීසිටින පිරිස් වහාම ලංකාවට ගේන්න - ජනපති බලධාරීන්ට පැය 48ක් කල්දෙයි

සෞදියේ රැඳීසිටින පිරිස් වහාම ලංකාවට ගේන්න - ජනපති බලධාරීන්ට පැය 48ක් කල්දෙයි

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඒ අනුව අදාළ පිරිස් මෙරටට ගෙන්වාගැනීම සඳහා අවම වශයෙන් දිනකට ගුවන් ගමන්වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට ද එහිදී තීරණය වී ඇති බව සඳහන් වේ.

එමෙන්ම මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ උපදෙස් මත වෛරසයට ගොදුරු වී ඇති කණ්ඩායම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් එක් දිනක් තුළ ඔවුන් කණ්ඩායම් වශයෙන් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමේ ක්‍රියාවලියක් ද සැළසුම්කර තිබේ.

මහජනතාව වෙනුවෙන් සලසන පහසුකම් අතර රුපියල් 5000 දීමනාව, රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාදීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත රුපියල් දස දහසක වටිනාකමකින් යුත් ආහාරපාන අඩංගු පාර්සල් බෙදාදීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාවලිය කඩිනමින් අවසන් කර විදෙස් රටවල සිට පැමිණෙන පාර්ශ්ව ඒ සඳහා යොමුකිරීමට ද මෙහිදී සාකච්ඡා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad