රජය කොවිඩ් වසංගතය හොඳින් පාලනය කරනවැයි ලෝක බැංකුව අගමැතිට සුබ පතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

රජය කොවිඩ් වසංගතය හොඳින් පාලනය කරනවැයි ලෝක බැංකුව අගමැතිට සුබ පතයි

COVID-19 වසංගතය හැසිරවීම පිළිබඳව ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සුබ පතා තිබෙන බව අගමැති මාධ්‍ය අංශ නිවේදනයක දැක්වේ.

ඊයේ සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස්, කොරොන වයිරස් රෝගය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජයට සිය ප්‍රශංසාව මෙසේ පළ කර ඇත.

හදද්-සර්වෝස් අගමැතිවරයාට “මැතිවරණය ජයග්‍රහණය ගැන පමණක් නොව, ශ්‍රී ලංකාව වසංගතය පාලනය කළ ආකාරය ගැන සුබ පැතුවේ යයි නිවේදනයේ දැක්වේ.

“මෙම තත්වයෙන් ඉක්මණින් ඉවත් වීමට අපි ඔබට ප්‍රාර්ථනා කරමු,” ඔහු පවසා තිබේ. 

ඔහු සමඟ මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු කළමණාකරු චියෝ කන්දා මහත්මිය ද අගමැති හමුවට පැමිණ තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad