පෑලියගොඩ පොකුරට හේතුව හෙළිවෙයි - පැතිරුණේ දරුණු කොවිඩ් වෛරසයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

පෑලියගොඩ පොකුරට හේතුව හෙළිවෙයි - පැතිරුණේ දරුණු කොවිඩ් වෛරසයක්

පෑලියගොඩ පොකුරට හේතුව හෙළිවෙයි - පැතිරුණේ දරුණු කොවිඩ් වෛරසයක්

බ්‍රැන්ඩික්ස් පොකුරේ උප පොකුරක් වූ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ කොවිඩ් රැල්ල බිහිවුණේ මුදල් නෝට්ටු මගින් බව අනාවරණය වී ඇත.

මත්ස්‍ය වෙළෙඳුන් අතරට වයිරසය පැමිණියේ ද මුදල් නෝට්ටු මගින් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පෑලියගොඩ උප පොකුර ඇරඹී දින දහතුනකදී ආසාදිතයන් 5513ක් මෙරටින් වාර්තා විය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව කළ විමර්ශනයකදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට B.1.42 නමැති දරුණු කොවිඩ් වයිරසය පැමිණ ඇත්තේ මුදල් නෝට්ටු මගින් බවට තහවුරු වූ අතර එය ව්‍යාප්ත වීමට මුදල් නෝට්ටු මෙන්ම මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිතිද ඉවහල්ව ඇති බව සොයාගෙන තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුර ඉකුත් ඔක්තෝබර් 3 වැනිදා ඇරඹී අතර ඉන් පසුව ඇරඹී උප පොකුර ලෙස පෑලියගොඩ පොකුර මතුවන්නේ ඔක්තෝබර් 21 වැනිදාය.

  • කොරෝනා
  • කොරෝනා ආසාදිතයින්

No comments:

Post a Comment

Post Bottom Ad