කොරෝනා පොලීසියට ඇතුළු වෙයි - නිලධාරීන් 2500කට අධික පිරිසක් නිරෝධායනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

කොරෝනා පොලීසියට ඇතුළු වෙයි - නිලධාරීන් 2500කට අධික පිරිසක් නිරෝධායනයට

කොරෝනා පොලීසියට ඇතුළු වෙයි - නිලධාරීන් 2500කට අධික පිරිසක් නිරෝධායනයට

පොලිස් නිලධාරීන් 182 දෙනෙකුට ඊයේ ‍(03) වන විට කොවිඩ් ආසාදිත වී ඇති බව පොලිස් මූලස්ථානය අනාවරණය කරයි.

එම සංඛ්‍යාවෙන් 56 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වේ. 2500 දෙනෙකුට අධික නිලධාරීන් ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

බස්නාහිර පළාතේ තිබෙන පොලිස් ස්ථානවල සියලුම නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමට මේ දිනවල පියවර ගනිමින් සිටින බවද පොලිස් මූලස්ථානය පවසයි.

ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් හතළිස් දෙනෙකු ඊයේ වනවිට කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඊයේ දිනයේදීත් ආසාදිතයන් හයදෙනෙකු හමුවූ අතර පෙරේදා (02) දිනයේ විසිතුන් දෙනෙකු හමුවී ඇත.

මේ වන විට ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නිරත රාජගිරිය, කැලණිය, කළුබෝවිල කඳවුරු හුදෙකලා කර ආසාදිතයන් කුණ්ඩසාලේ හා කළුතර පිහිටි මධ්‍යස්ථානවලට යොමුකර ඇත.

  • කොරෝනා
  • පොලීසිය

No comments:

Post a Comment

Post Bottom Ad