විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 11, 2020

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට

 විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අත්හිටුවා තිබූ කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු එලෙස ආරම්භ වන බවයි.

දෛනිකව පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා සීමිත පිරිසකට පමණක් සේවා ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව 0112 338 812 යන දුරකතන අංකය ඇමතීමෙන් හෝ consular.mfa.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් කලින් දිනයක් වෙන් කරවාගත යුතුය.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල පුද්ගලයින්ට එම පරිශ්‍රයට ඇතුළුවීමට අවසර හිමි වන්නේ නැත.

මේ අතර මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල සතියේ වැඩ කරන දිනවල සාමාන්‍ය පරිදි ජනතාව සඳහා විවෘත කරන බව ද විදේශ අමාත්‍යාංශය පැවසීය.

 

No comments:

Post a Comment

Post Bottom Ad