රටතුල මරන බයක් නිර්මාණය වෙලා - කොරෝනා පාලනයෙන් ගිලිහීලා - නොසැලකිල්ල හේකු වුනා - හිටපු වසංගත රෝග අංශ ප‍්‍රධානී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

රටතුල මරන බයක් නිර්මාණය වෙලා - කොරෝනා පාලනයෙන් ගිලිහීලා - නොසැලකිල්ල හේකු වුනා - හිටපු වසංගත රෝග අංශ ප‍්‍රධානී


අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහී අවසන් බව මෙරට හිටපු වසංගත රෝග ප්‍රධාන විශේෂඥ වෛද්‍ය නිමල් අබේසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා පලමු රැල්ලෙන් පසුව සිදු වූ නොසැලකිල්ල එයට හේතු වූ බවද ඔහු පෙන්වා දෙයි.

අද වන විට වසංගත රෝග විද්‍යා අංශය නොසැලකිලිමත්ව කටයුතු කරන බවටද ඔහු චෝදනා කරයි.

වසංගතය පාලනය කිරීම සඳහා නිවැරදි උපදෙස් ලබා දීමක්වත් නොපෙනෙන බවත් කිසිම කෙනෙකු හෝ ආයතනයක් සම්බන්ධිකරණයක් කරන බවක් නොවන බවත් ඔහු කියා සිටියි.

එකිනෙකා හුදෙකලා ව කටයුතු වන බවක් පෙනෙන්නට ඇති බවත් විශේෂඥ දැනුම ඇති කමිටුවකින් වසංගතය පාලනය කරන බවක් නොපෙනෙන බවත් ඔහු පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad