සනාගේ ක‍්‍රිකට් තහනම ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 4, 2020

සනාගේ ක‍්‍රිකට් තහනම ඉවතට

හිටපු ශ‍්‍රී ලංකා සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක හා නායක සනත් ජයසූරියට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ දෙවසරක ක‍්‍රිකට් සම්බාධක තහනම ඊයේ (03) සිට අවසන් වූ බව  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ජයසූරියට ඉදිරියේදී ක‍්‍රිකට් සම්බන්ධව සුපුරුදු පරිදි ඕනෑම කටයුත්තකට සහභාගි විය හැකි වේ.

අයි.සී.සී. දූෂණ විරෝධී නීති සංග‍්‍රහයේ 2.4.6 වගන්තිය කඩ කිරීම සම්බන්ධව චෝදනා ගොනු කරමින් අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය විසින් ජයසූරියට වසර 2ක ක‍්‍රිකට් තහනමක් පනවනු ලැබුවේ ක‍්‍රිකට් සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගි වීමට නොහැකි බවට කරුණු දක්වමිනි.

සනත් ජයසූරියගේ ජංගම දුරකතනය අයි.සී.සී. බලධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් ඔහුට මෙම සම්බාධක තහනම පනවනු ලැබීය. 

No comments:

Post a Comment

Post Bottom Ad