හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට වන්දි මුදලක් ඉල්ලා නීතිඥවරයෙක්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 10, 2020

හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට වන්දි මුදලක් ඉල්ලා නීතිඥවරයෙක්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට වන්දි මුදලක් ඉල්ලා නීතිඥවරයෙක්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

2020.11.09 වැනිදා සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ආදායම් අහිමි වී ඇති ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබාදීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා වැඩ බලන පොලිස්පතිවරයා වෙත පැමිනිල්ලක් කොට තිබේ.

ඒ නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසිනි.

හුදකලා කර තිබෙන පොලිස් වසම්වල ජීවත්වන ජනතාව එම ප්‍රදේශ හුදකලා කිරීම සඳහා හේතු සාධකයක් වී නොමැති බවත් හුදකලා කිරීම හේතුවෙන් ඔවුන් දෛනිකව උපයාගත් මුදල මේ වන විට ඔවුනට අහිමි වී ඇති බැවින් කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත්ව අදාල පෞද්ගලික ආයතන සමඟ සාකච්ඡා කොට එම ජනතාවට වන්දි මුදලක් ලබාදීම මෙම පැමිණිල්ලේ පදනම වේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල පහත දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad