කොරෝනා නිසා දුමින්ද සිල්වා වෙන වාට්ටුවකට දායි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 10, 2020

කොරෝනා නිසා දුමින්ද සිල්වා වෙන වාට්ටුවකට දායි

වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැඳවූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත. දැනට ප්‍රතිකාර ලබන රැඳවූවන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයෙන් එකසිය දොළහක් පමණ මහර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇති බව බන්ධනාගාර පුනරුත්ථාපන හා පාලන කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

එසේම බන්ධනාගාර රෝහල් ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු ඉතිරි කණ්ඩායම වෛද්‍ය උපදෙස් මත වෙනම වාට්ටුවක තැබීමට ද තීරණය කර තිබේ.

ඊයේ (09 වැනිදා) වන විට බන්ධනාගාරවලින් ආසාදිතයන් තිදෙනකු හමුවීමත් සමග බන්ධනාගාර ආසාදිතයන් ගණන එකසිය හත දක්වා ඉහළ ගියේය.

හේමන්ත ලියනපතිරණ


No comments:

Post a Comment

Post Bottom Ad