හුදෙකලා කළ මහල් නිවාස බලාගන්න දාපු 47කටත් කොවිඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 10, 2020

හුදෙකලා කළ මහල් නිවාස බලාගන්න දාපු 47කටත් කොවිඩ්

හුදෙකලා කළ මහල් නිවාස බලාගන්න දාපු 47කටත් කොවිඩ්

කොළඹ හුදෙකලා කළ මහල් නිවාසවල පදිංචිකරුවන් හා පොලිසිය අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා දෛනික වැටුපට බඳවා ගත් කම්කරුවන්ගෙන් හතළිස් හත් දෙනකුටත් කොවිඩ් වැලඳී ඇතැයි අනාවරණය වී ඇත.

හුදකලා කළ මහල් නිවාස පහේ වැසියන්ගේ අවශ්‍යතා සම්බන්ධීකරණය කර දීමට මහල් නිවාස සංකීර්ණවල සේවයේ යෙදවීමට හයසියයකට ආසන්න පිරිසක් දෛනික වැටුපට බඳවා ගෙන ඇත.

එම පිරිස පෙරේදා (08 වැනිදා) සිට සේවයේ යෙදවීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ පසු හතළිස් හත් දෙනකුට කොවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි හෙළිවී තිබේ.

මෙම කම්කරුවන්ට සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් ලබාදි ඇති අතර මහල් නිවාසයක එක මහලකට තිදෙනා බැගින් යොදවා තිබේ.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad