ඇඳිරි නීතිය ඉවත් කළත් හුදකලා කරන ප්‍රදේශ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 8, 2020

ඇඳිරි නීතිය ඉවත් කළත් හුදකලා කරන ප්‍රදේශ මෙන්න

ඇඳිරි නීතිය ඉවත් කළත් හුදකලා කරන ප්‍රදේශ මෙන්න

හෙට(09) අලුයම 05.00ට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද, රෝගීන් වාර්තාවන ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීථිය, මාළිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන පොලිස් වසම් තවදුරටත් හුදකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන සහ සිරිසරඋයන, එන්.එච්.එස්. නිවාස සංකීර්ණයද හුදකලා කරන බව ඔහු කියා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇළ, සපුගස්කන්ද, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම වෑකඩ - බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයද තවදුරටත් හුදකලා කරන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහා නගර සභා සීමාව මෙන්ම කුලියාපිටිය පොලිස් වසමද තවදුරටත් හුදකලා කෙරේ.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදකලා කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට(09) අලුයම පහට අනිවාර්යයෙන්ම ඉවත්වන බව යුද හමුදාපතිවරයා පැවසීය.

පසුගිය 29 වනදා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, ඊට පෙර ගම්පහ දිස්ත්‍රික්කයටම මෙන්ම තවත් පොලිස් බල ප්‍රදේශ ගණනාවකට ඇඳිරි නීතිය පනවනු ලැබීය.

බස්නාහිර පළාතට පනවනු ලැබූ  නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය දෙවනදා අලුයම පහෙන් ඉවත් කිරීමට නියමිතව තිබුණද එය, හෙට(09) අලුයම පහ දක්වා පසුව දීර්ඝ කළේය.

  • කොරෝනා
  • ඇඳිරි නීතිය

No comments:

Post a Comment

Post Bottom Ad