94 ඉදන් මම වාර්තා රැසක් තැබූ කැබිනට් ඇමති කෙනෙක්... ඇමතිකමක් නැති වීම වේදනාවක් - එස්.බි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 6, 2020

94 ඉදන් මම වාර්තා රැසක් තැබූ කැබිනට් ඇමති කෙනෙක්... ඇමතිකමක් නැති වීම වේදනාවක් - එස්.බි

1994 සිටම තමන් කැබිනට් අමාත්‍ය ධූර දැරූ අතර ඒ සෑම අමාත්‍ය ධූරයක් හරහාම සුවිශේෂී වාර්තා රැසක් තමා තැබූ බැවින් අමාත්‍ය ධුරයක් නැතුව සිටීම වේදනාකාරී මෙන්ම අසීරු කටයුත්තක් බව එස්.බි.දිසානායක මහතා හෙළිදරව් කරයි. තමා සාමාන්‍ය අමාත්‍යවරයෙකු නොවන බවත් තමන් වගකීම් දැරූ ක්‍රීඩා, සමෘර්ධි හා කෘෂිකර්ම යන අමාත්‍යංශ හරහා නිර්මාණශීලි හා ඵලදායි කටයුතු රැසක් කළ බවද දිසානායක මහතාගේ අදහස වී තිබේ.

1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීම, ආසියානු නෙට්බෝල් ශූරතාවය දිනා ගැනීම මෙන්ම මළල ක්‍රීඩා තරග වලදී නව ආසියානු වාර්තා 08ක් තැබීම තමා ක්‍රීඩා අමාත්‍ය ධුරය දරණ කාලයේදී සිදු වූ බව දිසානායක මහතා පෙන්වා දෙයි.

එමෙන්ම සමුර්ධිය හරහා දුප්පත්කම තුරන් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වාර්තාගත වී අස්වැන්නක් මෙන්ම කිරි නිෂ්පාදනය ද ඉහළ දැමීමට තමාට හැකි වූ බව දිසානායක මහතා අවධාරණය කරයි.

ඉදිරියේදී සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධන පිළිබඳව තමන්ගේ බලාපොරොත්තුවක් නැති බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය එස්.බි.දිසානායක මහතාට පිරි නමා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad