මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය ගැන යුද හමුදාපතිගෙන් අනාවරණයක් (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 18, 2020

මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය ගැන යුද හමුදාපතිගෙන් අනාවරණයක් (video)

මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද (18) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ "කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවයේ අවසාන සොයා ගැනීම තිබුණේ අගෝස්තු මාසයේ. ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශය ගත්තත් සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා හිටියේ අප්‍රේල් මාසේ 30වැනි දා. විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලුවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ." යනුවෙනි. 

No comments:

Post a Comment

Post Bottom Ad