කොරෝනා MAS ඇගළුම් කර්මාන්ත ශාලාවටත් - ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තාවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2020

කොරෝනා MAS ඇගළුම් කර්මාන්ත ශාලාවටත් - ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තාවෙයි


මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවක වන MAS ආයතනයේ සේවකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

එම ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.

කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙන අධි අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් වන සේවකයන් කිහිප දෙනෙකු මෙසේ ආසාදිත වී ඇතැයි නිවේදනයේ සඳහන්ය.

එම ආයතන නිට්ටඹුවෙ පිහිටි කර්මාන්තශාලාවේ සේවකයකු ආසාදිත යයි හෙලිවීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන්ට සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.

ඔවුනගේ ආශ‍්‍රිතයන්ද නිරෝධායනයට ලක් කර ඇති අතර කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad