කරුණා අම්මාන්ට අගමැති සලකයි - අමුතුම පත්වීමකුත් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 15, 2020

කරුණා අම්මාන්ට අගමැති සලකයි - අමුතුම පත්වීමකුත් දෙයි

කරුණා අම්මාන්ට අගමැති සලකයි - අමුතුම පත්වීමකුත් දෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අමුතුම ආකාරයේ පත්වීමක් ලබා දී තිබේ.

එ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා ලෙස අග්‍රාමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පත්වීමක් ලබා දීමය.

පොදුජන පෙරමුණ නියෝජනය කරන ඩී.වීරසිංහ මහතාව මේ වන විටත් අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනපතිවරයා විසින් පත්කර තිබෙන අතර මඩකලපුව දිස්ත්‍රික්කයට කිසිවකුත් පත් කොට නොමැත.

කරුණා අම්මාන් පසුගිය මහ මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග කොට පරාජයට පත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad