බියගමත් කොරෝනා ආසාදිතයින් 3ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 15, 2020

බියගමත් කොරෝනා ආසාදිතයින් 3ක්

බියගමත් කොරෝනා ආසාදිතයින් 3ක්

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු ඊයේ(14) දින හඳුනා ගෙන ඇත.

එම බල ප‍්‍රදේශයට අයත් බියන්විල, අලූබෝවිල හා ප‍්‍රදීපගම යන ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් තිදෙනා හමු වී තිබේ.

ඉන් දෙදෙනකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලූම් ආයතනයේ සේවිකාවන් වන අතර සෙසු පුද්ගලයා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරත තැනැත්තෙකු වේ.

එම ආසාදිතයන් තිදෙනා කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට යවා තිබෙන අතර එම ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයින් විසි හතර දෙනකු පමණ නිරෝධානය සඳහා නිරෝධාන මධ්‍යස්ථානවලට යවා තවත් අනූ දෙනකු පමණ තම නිවෙස්වලම ස්වයං නිරෝධානයට යොමු කළ බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad