ඇවන්ගාඩ් කොරෝනා අස්සේ බොර දියේ මාළු බායි - කෝටි 20ක ලාභය වතුරේ යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 15, 2020

ඇවන්ගාඩ් කොරෝනා අස්සේ බොර දියේ මාළු බායි - කෝටි 20ක ලාභය වතුරේ යයි

ඇවන්ගාඩ් කොරෝනා අස්සේ බොර දියේ මාළු බායි - කෝටි 20ක ලාභය වතුරේ යයි

නිශ්ශංක සේනාධිපති මහතාට අයත් ඇවන්ගාඩ් නාවික පුද්ගලික සමාගම හරහා මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2000ක්‌ රෝහල් පහසුකම් ඇති නැවකින් මෙරටට ගෙන්වීමට කර තිබෙන යෝජනාව කොවිඩ් මර්දන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

ඒ සඳහා යන අධික වියදම හේතු කොට ගෙනය.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව මෙම සමස්ත මෙහෙයුම් සඳහා රුපියල් මිලියන 380ක් එනම් රුපියල් කෝටි 38ක් යන බව එම ලිපියේ සඳහන් කොට තිබේ.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ මෙම යෝජනාව කොවිඩ් මර්දන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති රැස්වීමක දී සලකා බැලීමට ලක්වූ අතර එහිදී එළිදරව් වී තිබෙන්නේ මෙම පිරිස ගුවනින් ගෙන්වා ගැනීම සඳහා වියදම් වන්නේ රුපියල් මිලියන 180 ක් එනම් රුපියල් කෝටි 18 ක් පමණක් බව ය.

ඒ අනුව සේනාධිපති මහතාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොවිඩ් මර්දන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කොට ඇති අතර ඉන් රටට රුපියල් මිලියන 200ක එනම් කෝටි 20 ක ඉතිරි වී තිබේ.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණි පසු ඔවුන්ව දින දහහතරක් නිරෝධායනය කිරීම සඳහා ඇවන්ගාඩ් සමාගම මැදිහත්ව කටයුතු කරන අතර ඒ සඳහා එක් පුද්ගලයෙකුගෙන් යුරෝ 750 ක් එනම් රුපියල් 160000ක් අය කිරීමක් ලබා ගන්නා බවට ද එම සමාගමට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad