පොලිස් නිලධාරින් 17දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 27, 2020

පොලිස් නිලධාරින් 17දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි



පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 17දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10දෙනෙකු ද වන බවය.


පොලිස් නිලධාරින්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් පොලිස් නිලධාරින් 400 දෙනෙකු පමණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.


ඊට අමතරව තවත් පොලිස් නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවල සිටින නිලධාරින් ද එම කඳවුරුවලම නිරෝධායනය සඳහා යොමුකර ඇති බව අජිත් රෝහණ මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad