බඩුමිල ගැන ජනතාවට කෙටිකාලීන සහන දෙන්න බෑ... මාත් මේ ලෝකෙ තවත් එක සත්වයෙක් - බන්ධුල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 18, 2020

බඩුමිල ගැන ජනතාවට කෙටිකාලීන සහන දෙන්න බෑ... මාත් මේ ලෝකෙ තවත් එක සත්වයෙක් - බන්ධුල

ඩුමිල ඉහළ යාමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කිසිදු කෙටිකාලීන සහනයක් ලබාදීමේ හැකියාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. 

"මුළු ලෝකෙම අද තියෙන විශාලම ප්‍රශ්නය තමයි මේ කොරෝනා වසංගතයෙන් මිනිස්සු මැරි මැරී වැටෙනවා. එවැනි තත්වයක් තුළ අපට කළ හැකි දේ තමයි භාණ්ඩ මිලේ ප්‍රශ්නයට එක විසඳුමයි තියෙන්නෙ, අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් අපි නිෂ්පාදනය කරගත්තොත් මිල අඩුවෙනවා. 

ඒ සඳහා තමයි දැන් විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩ ජනාධිපතිතුමා මොන හේතුවක් නිසාවත් ගෙන්නන්න දෙන්නෙ නැත්තේ. මේ රටේ ගොවියා ආරක්ෂා කරලා නිෂ්පාදනය වැඩි කරන්න. ඉතිං ඒක කෙටිකාලීන වශයෙන් අර්බුදයක් තිබුණත් දිගුකාලීන වශයෙන් වඩා වාසිදායක ස්ථාවර වෙළඳපොල තත්වයකට ගමන් කරන්න පුළුවන්කම ඇතිවෙනවා" යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

වෙළඳ අමාත්‍යවරයා ලෙස බඩුමිල සම්බන්ධයෙන් ජනතාවට කෙටිකාලීන සහනයක් දිය නොහැකිදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී "නෑ, එහෙම කරන්න බෑනෙ. බොරු ප්‍රාතිහාර්ය විසඳුම් නෑනෙ. මේ ලෝකෙ ඉන්න එක සත්වයෙක් විදියට තමයි වෙළඳ අමාත්‍යවරයාත් ඉන්නෙ. ඒක නිසා මුළු ලෝකෙම වරාය වහනකොට ගුවන්තොටුපල වහනකොට ලංකාවෙ වෙළඳ ඇමතිට බෑනෙ ගුවන්තොටුපල අරින්න කියනා නියම කරන්න වෙන රටවලට" යනුවෙනුයි ඒ මහතා පිළිතුරු ලබාදුන්නේ. 

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (17) හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *