මම ඉන්නේ පීඩනයෙන් - ජනතා පැතුම් ඉටුකරන්න බැරි වුණා - ගීතා කුමාරසිංහ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

මම ඉන්නේ පීඩනයෙන් - ජනතා පැතුම් ඉටුකරන්න බැරි වුණා - ගීතා කුමාරසිංහ

මම කලාව අත්හැරලා දේශපාලනය කරන්න ඇවිත් අවුරුදු 10කට වැඩියි. මම ගාල්ලේ ජනතාව වෙනුවෙන් කෑගැහුවේ. ඒ නිසා මට ඡුන්දය දුන් ගාල්ල ජනතාවට සාධාරණය ඉටු කරන්න අවශ්‍යයි. ඒ හින්දා මම ඉදිරි දින කීපයේ දී ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන සාකච්ඡුා කරනවා’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙම දේශපාලනය තුළ තිබෙන්නේ වෙනම ‘ගේම් එකක්’ යැයි ද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය මෙසේද කියා සිටියාය.
‘‘මම ගතවූ අවුරුදු දහයක කාලයේ දී පූර්ණ දේශපාලනය කළා. මුදල් වියදම් කරගෙන කලාවට දෙන්න තිබුණු දායකත්වය දේශපාලනය වෙනුවෙන් ලබා දුන්නා. මම දේශපාලනයට ආවේ සමාජ සේවාවන් ඉටුකරමින් සිටින අතරේයි. නමුත් බොහෝ දෙනාට අගයක් නැහැ. නමුත් මම සැලෙන්නේ නැහැ. මම කැපවුණේ ජනතාව වෙනුවෙන්. එහෙම නැතුව මම ආවේ හොරකම් කරන්න නෙවෙයි. මගේ පවුල් පෝෂණය කරන්න නොවෙයි. මම ආවේ අවංකවම ජනතාවට සේවය කරන්නයි.

කොහොම වුණත් මම ඉන්නේ දැඩි මානසික පීඩනයකින්. මොකද මාව පත්කරපු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න තාම බැරිවෙලා තිබෙනවා. කොහොම වුණත් මම ඉදිරි දින කීපයේදී ජනාධිපතිතුමා මුණගැසිලා සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad