ඇමැතිකමක් ලැබුණා කියා පළාත් සභා ගැන මගේ ස්ථාවරයේ වෙනසක් වන්නේ නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 11, 2020

ඇමැතිකමක් ලැබුණා කියා පළාත් සභා ගැන මගේ ස්ථාවරයේ වෙනසක් වන්නේ නැහැ

ඇමැතිකමක් ලැබුණා කියා පළාත් සභා ගැන මගේ ස්ථාවරයේ වෙනසක් වන්නේ නැහැ

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය තමාට ලැබුණ ද පළාත් සභා සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

තමාට ඇමතිකමක් ලැබුණා කියා තමන් පළාත් සභා සම්බන්ධයෙන් දරණ ස්ථාවරය කිසිවිටෙකත් වෙනස් නොකරගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්දියාව බලහත්කාරයෙන් මෙරටට පැටවූ පළාත් සභා ක්‍රමයට තමන් එදා සිටම විරුද්ධ වූ බවද ඔහු සඳහන් කරයි.

පළාත් සභා වලට වියදම් වන මුදල, සිටින සේවක පිරිස, තිබෙන වාහන ප්‍රමාණය, තිබෙන ගොඩනැගිලි ප්‍රමාණය, ඒවා නඩත්තුවට යන වියදම ආදිය පිළිබඳවත්‍ එසේ වියදමක් දරා පවත්වාගෙන යන පළාත් සභාවලින් රටට හා ජනතාවට සිදුව ඇති සේවය කුමක් ද යන්න පිළිබඳවත් තමා මේ දිනවල සොයා බලමින් සිටින බව ද වීරසේකර මහතා අවධාරණය කරයි.




No comments:

Post a Comment

Post Bottom Ad