කරූ ජයසූරිය අලුත් ගමනක් අරඹයි - විශේෂ මාධ්‍ය හමුව අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 10, 2020

කරූ ජයසූරිය අලුත් ගමනක් අරඹයි - විශේෂ මාධ්‍ය හමුව අද

කරූ ජයසූරිය අලුත් ගමනක් අරඹයි - විශේෂ මාධ්‍ය හමුව අද

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපති වශයෙන් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පත්වී තිබේ.

පසුගිය සඳුදා (07) පැවැති එම ව්‍යාපාරයේ විශේෂ හමුවකදී එහි සභාපති ධුරයට කරු ජයසූරිය මහතා පත්වී ඇත්තේ ඒකමතිකවය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනගා එහි සභාපතීත්වයට පත්වූයේ අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේය. උන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව එම ධුරයට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්විය.

කරු ජයසූරිය මහතා නව සභාපති ධුරයට පත්වීමෙන් පසුව අද (10) විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad