විවාහ උත්සව, සාද ඇතුළු පුද්ගලික උත්සව සදහා ආරාධනා කරන්න එපා.. රට වෙනුවෙන් මා කාර්ය බහුලයි….- ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 1, 2020

විවාහ උත්සව, සාද ඇතුළු පුද්ගලික උත්සව සදහා ආරාධනා කරන්න එපා.. රට වෙනුවෙන් මා කාර්ය බහුලයි….- ජනපති

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නෙහි ඉල්ලීමක්… ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයෙහි ප්‍රමුඛත්වය දී තිබේ.

ජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රධාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවන්ට සහභාගි වීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගේම කාරුණිකව ඉල්ලීමක් කෙරේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවට එක් වන ලෙස එතුමාට ඇරයුම් කරති. ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි.

එසේ වුවද නිල කටයුතු බැහැර තමාට ලැබෙන සෑම පැය ම ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කැප කිරීමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටියි.

– ජනාධිපති මාධ්‍ය අංශය

No comments:

Post a Comment

Post Bottom Ad