භූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

භූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ් කෙරේ

භූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ් කෙරේ

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ දී එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ නමැත්තා ලබන ඔක්තෝම්බර් මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පසුගිය 20 වනදා අලුයම පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු ඊයේ (29) උදෑසන මහනුවර පොලීස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිය.

No comments:

Post a Comment

Post Bottom Ad