නිපුනතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරියට අයිෆෝන්, අයිපෑඩ් ලබා දෙන්නැයි ඉල්ලා ලිපියක් යවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

නිපුනතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරියට අයිෆෝන්, අයිපෑඩ් ලබා දෙන්නැයි ඉල්ලා ලිපියක් යවයි

නිපුනතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරියට අයිෆෝන්, අයිපෑඩ් ලබා දෙන්නැයි ඉල්ලා ලිපියක් යවයි

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පරිහරණය සඳහා ඇපල් iPhone දුරකථනයක් සහ iPad පරිගණක යන්ත්‍රයක් ලබා ගැනීමට ප්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරියේ පුද්ගලික ලේකම්වරයා විසින් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.

මිට අමතරව රාජ්‍ය අමාත්‍යවරියගේ නිල රථය සඳහා විදුලි ලාම්පුවක්, කුඩයක් සහ පසුගමන් ආරක්ෂක රථය සඳහා VIP විදුලි බල්බ මිලදී ගැනීමට ද මුදල් ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

කෙසේ වුවත් රාජ්‍ය අමාත්‍යවරියගේ පුද්ගලික ලේකම්වරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

ඒ අදාළ භාණ්ඩ මිට පෙර අමාත්‍යාංශයේ අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන් විසින් භාවිත කර අමාත්‍යාංශයට නැවත භාරදුන් භාණ්ඩ වන අතර එකී භාණ්ඩ නැවත ලබා ගැනීම වෙනුවෙන් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් යොමු කරන ලද ලිපියක් බවයි.

අමාත්‍යංශයේ රාජකාරි කරන අමාත්‍යවරුන් යළි භාරදීම සිදුකළ යුතු බවත් ඒවා නැවත පත්වන අමාත්‍යවරුන් ගේ පරිහරණය සඳහා ලබා ගැනීමේදී ලිඛිත ඉල්ලීම් සිදුකළ යුතු බව එම පැහැදිලි කිරීමේ වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad