චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනය ප්‍රතික්ෂේප කිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතියේ දෝෂ පවතින හෙයින් මෙම තීරණයට එළඹි බවයි.
මෙම දුම්රිය මැදිරිවල පවතින දුර්වලතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බළධාරීන් සමග සාකච්ඡා කළ නමුත් ඊට නිසි විසඳුම් ලබාදීමට ඔවුන් අසමත් වූ බවද දොඩංගොඩ මහතා පවසනවා.
මෙම දෝෂ හේතුවෙන් දුම්රිය තිරිංග ක්‍රියා විරහිත වීම, දුම්රිය පීල පැනීම, දුම්රිය නියමිත වේලාවට නැවැත්වීමට අපොහොසත් වීම යන දුෂ්කරතාවලට මුහුණදීමට දුම්රිය රියදුරන්ට සිදුව තිබෙනවා. 2010 වසරේ සිට චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරි හේතුවෙන් සිදුව ඇති අනතුරු හා ගැටලු 200 කට වැඩි බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
චීන දුම්රිය මැදිරිවල පවතින දුර්වලතා පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති සහතික පවා නොතකා දුම්රිය රියදුරන්ට චෝදනා පත්‍ර දෙකක් ගොනුකර ඇති බව පෙන්වා දෙන ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ දුම්රිය මැදිවල පවතින දුර්වලතාවලට රියදුරන්ට තවදුරටත් වගකීමක් ගත නොහැකි බැවින් එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට තම සංගමය තීරණය කළ බවයි.
Tuesday, September 1, 2020
චීන මැදිරි අපිට එපා - දුම්රිය රියදුරෝ ධාවනයෙන් ඉවත් වෙති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment