Lanka Hot News කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතව වෙරළබඩ තීරයේ ඉස්සන් වගාව සදහා කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි පිහිටි ස්භාවික කඩොලාන පද්ධතිය විනාශයට ලක්කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන සංහාරයක් සිදුව ඇති බවට පරිසරවේදියෝ චෝදනා කරති.
මෙම වන සංහංරය කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුව ඇති බවට ගම්මුන් චෝදනා කරති.
අදාල ඉස්සන් ගොවිපලේ පිහිටි ඉපැරණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මොවුන් කාර්යක්ෂම ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් කලපු තීරයට යාබදව පිහිටා තිබූ ස්භාවික කඩොලාන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයට ලක්කරමින් දැවැන්ත පාරසරික හානියක් සිදුකර එහි නව ඉස්සන් පොකුණු ඉදිකර ඇති බවට පරිසරවේදියෝ චෝදනා කරති.
අදාල ඉස්සන් පොකුණු ඉදිකරන මුවාවෙන් මොවුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ මායිම් කණු පවා වෙනස් කරමින් ඩෝසර් යන්ත්‍ර යොදා දැවැන්ත වන සංහාරයක් සිදුකර ඇති බව එහි ගිය අපට වාර්තාවිය.
ඉවක් බවක් නොතකමින් සිදුකර ඇති මෙම දැවැන්ත පරිසර සංහාරයත් සමග මොවුන් ජල ජීවි වගා අධිකාරිය, ප්‍රාදේශිය ලේකම්, වන සංරක්ෂණ, වාරි මාර්ග හෝ වන ජීවි යන ආයතන සමූහයේ කිසිදු අවසරයකින් තොරව කලපුවේ සිට දිවෙන ස්භාවික ඇළ මාර්ගයක් බැකෝ යන්ත්‍ර යොදා නැවත අලුත් වැඩියා කිරීම හේතුවෙන් ඇළ දෙපස පිහිටා තිබූ විශාල කඩොලාන පරිසර පද්ධතියක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවත් එහි සුන්බුන් කොටස් දක්නට ලැබේ.
මොවුන් විසින් ඩෝසර් යන්ත්‍ර උපයෝගි කර ගනිමින් ඉදිකරන ලද නව ඉස්සන් පොකුණු තුළ පිහිටා තිබූ දැවැන්ත කඩොලාන ශාක වල අවශේෂවූ කොටස් විශාල ප්‍රමාණයේ ගොඩවල් ගසා ඒ තුළ සගවා තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඒවා සොයා ගැනීමට කටයුතු කර තිබුණි.
මෙම පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ බහුතරයක් ජනතාව සාම්ප්‍රධායික ධීවර කර්මාන්තයේ යෙදෙමින් එදිනෙදා ලැබෙන මුදල ඔවුන්ගේ ප්‍රධාන ආදායම බවට පත්ව ඇත්තේද මෙම ස්භාවික කඩොලාන පරිසර පද්ධතිය ආශ්‍රිතව මසුන්ගේ මෙන්ම ඉස්සන්ගේ අභිජනන ක්‍රියාවලිය සිදුවන නිසාවෙනි. එසේ අභිජනන ක්‍රියාවලියට මහත් රුකුලක් වූ සංවේදී කඩොලාන පරිසර පද්ධතිය මෙලෙස ඉවක් බවක් නොතකමින් විනාශ කිරීම තුළින් ඔවුන්ගේ ඉස්සන් වගාව පමණක් සාර්ථක වීම සර්ව සාධාරණදැයි ධීවරයෝ ප්‍රශ්ණ කරති.
පසු ගිය දිනක රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ ආනවිළුන්දාව රැම්සා තෙත් බිමෙහි සිදුවූ සංහාරය මෙන් තෙගුණයක් විශාල සංහාරයක් මේ තුළ සිදුව තිබියදීත් ග්‍රාම නිළධාරි, ප්‍රාදේශිය ලේකම්, වන සංරක්ෂණ හා වන ජීවි, ජල ජීවි වගා අධිකාරිය වැනි රජයේ වග කිව යුතු ආයතන මුණිවත රකිමිණින් පරසරය වනසන මෙවැනි රිළවුන් හමුවේ තවත් ඉණිමන් තැබීමම පුදුමය දනවන්නක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී කල්පිටිය කන්දකුලිය සමුද්‍රසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැවේ දියසේන හිමියන් පවසා සිටියේ
අපි බලය දීලා තියෙන්නෙ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට මේ වගේ අතනෝමතික ක්‍රියාවක් කරන්න නෙවෙයි. මෙයා රාජ්‍ය ආයතන අතකොළු බවට පත් කරගෙන ධනය බලය කියන දෙක අවියක් කරගෙන තනතුර ඔටුන්නක් කරගෙන මේ පරිසර පද්ධතියට සිදුකරලා තියෙන විනාශය සුළුපටු නැහැ අළුතින් ඉස්සන් පොකුණු ඉදිකරලා මේ ධීවරයින් කීයක් හරි හොයා ගන්න ඇළ මාර්ග වෙනස් කරලා ඒවා හාරලා විනාශ කරලා දැවැන්ත පරිසර හානියක් මෙහෙ සිද්ධ කරලා තියෙනවා. මේ ප්‍රදේහය කඩොලාන සංරක්ෂිත ප්‍රදේහයක් විදියට තිබ්බ තැනක් එහෙම තැනක් කොහොමද මේ මනුස්සයා ඩෝසර් කරලා විනාශ කෙරුවෙ කව්ද මෙයාට අවසරය දුන්නේ මේ පිළිබද වහාම පරික්ෂණයක් ක්‍රියාත්මක කල යුතුයි. කියලා අපි අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. යනුවෙනි.
– කේ. ප්‍රියංකර කළුපහන
Wednesday, September 2, 2020
කල්පිටියේ දැවැන්ත කඩොලාන විනාශයක්.. බැකෝවලින් හාරමින් ඉස්සන් ඉස්සන් කොටු හදති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment