ගිනි ගත් නැවට නඩු දැමීම සංකීර්ණ යයි සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 12, 2020

ගිනි ගත් නැවට නඩු දැමීම සංකීර්ණ යයි සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය කියයි

ම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සංකීර්ණ කටයුත්තක් වී තිබේ.

සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පවසන්නේය මෙම නෞකාව පැනමා රාජ්‍යයේ කොඩිය යටතේ ගමන් කළ ද එය ලයිබීරියාව ට අයත් නැවක් බවයි.

එමෙන්ම එය කළමනාකරණය සිදු කර ඇත්තේ ග්‍රීක සමාගමක් විසින් බවද සභාපතිනිය පෙන්වා දෙයි.

එම නෞකාවේ ඉන්ධන ගෙන ගොස් ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගමටයි.

ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගින්න නිවීම සඳහා සහයෝගයට පැමිණි බවත් මෙම සංකීර්ණ තත්ත්වය මත සියලු පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් ඇය සඳහන් කරන්නීය.

කෙසේ නමුත් මෙමගින් සිදු වූ අලාභය අයකර ගැනීම සඳහා අනිවාර්යෙන්ම නීතිමය පියවර ගන්නා බවද ඇය තවදුරටත් සඳහන් කළාය. 


No comments:

Post a Comment

Post Bottom Ad