සජිත්ට නායකත්වය නොදුන්නොත් එජාපයට කොමියුනිට්ස් පක්ෂයේ ඉරණම අත්වීම වළක්වන්න බැහැ - නලින් බණ්ඩාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 6, 2020

සජිත්ට නායකත්වය නොදුන්නොත් එජාපයට කොමියුනිට්ස් පක්ෂයේ ඉරණම අත්වීම වළක්වන්න බැහැ - නලින් බණ්ඩාර

කොමියුනිට්ස් පක්ෂයට, සමසමාජ පක්ෂයට අත්වුණ ඉරණම එක්සත් ජාතික පක්ෂයට අත් නොවන්නට නම් නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

මේ වන විට එජාපයේ නායකත්වයට යෝජනා වී සිටින කිසිවෙකුට හෝ ජනමතයක් නොමැති අතර ඔවුන්ට පක්ෂය ශක්තිමත් කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එජාපය ශක්තිමත් කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක්  බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

එමෙන්ම මෙතෙක් ඔවුන්ට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පවා නම් නොකර සිටීමෙන් ඔවුන්ගේ අසාර්ථකභාවය පෙන්නුම් කරන අතර එය වක්‍රව ආණ්ඩුවට සහය දැක්වීමක්ද යන සැකයද මතුව තිබෙන බවයි නලින් බණ්ඩාර මහතා පැවසුවේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad