මරණිය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්තාව ලබා දීම නිසා කතානායකවරයා වන මහින්ද යාපා අබේවර්ධන මහතා ද ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දී තිබේ.
ලෝකයේ පලවන ඉතා ප්‍රකට පුවත්පත් වන නිව්යෝර්ක් ටයිම්ස්, ද ගාඩියන් යන පුවත්පත් වල මේ සිද්ධිය පිළිබඳව වාර්තා පල වී තිබු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මරණිය දණ්ඩනයට ලක් වූවෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ලබා දීම මත කතානායකවරයා පිළිබඳව ද එම පුවත්පත් වාර්තා වල සඳහන් ව තිබෙන බව බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙම අදහස් පළ කළේ අද (11) පාර්ලිමේන්තුවේ දීය.
No comments:
Post a Comment