අගමැති කතරගම පුදබිමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

අගමැති කතරගම පුදබිමට

අගමැති කතරගම පුදබිමට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිමට ගොස් කිරිවෙහෙර ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ආශිර්වාද ලබාගෙන තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබාගත් බවයි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා තිබේ.

අනතුරුව කතරගම දේවාල භූමියට පැමිණි අෂ්ඨඵල බෝධීන් වහන්සේ වන්දනාමාන කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad