ශ්‍රී ලංකාව තුළ වහබ්වාදී බලය ස්ථාපනය වූයේ සවුදි තානාපති කාර්යාලය මෙරට ස්ථාපිත කිරිමෙන් පසුව බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඊයේ (10) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ මුස්ලිම් සංවිධාන නියෝජනය කරමින් එම නීතිඥවරුගේ හරස් ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමිනි. ඒ අනුව ඊයේ දින ඥානසාර හිමියන් තෙවන දිනටත් හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්හ.
මෙරට වහබ්වාදයේ ප්‍රධාන මතධාරී කණ්ඩායම් හතරක් ජමියතුල් උලමා සංවිධානය නියෝජනය කරන බවත් හලාල් සංකල්පය මුස්ලිම්වරුන්ට විශේෂ වුවද ඒ හරහා දත් බුරුසුවටත් හලාල් ලාංඡනය යොදාගනිමින් කොහේවත් සිටින උලමාවරුන් මෙරට බෙදීමත් ඇති කළ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
2007දී අලෙවිමවුලාන ආණ්ඩුකාරවරයාද වහබ්වාදී වැඩපිළිවෙල ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පැවසූ අතර ඒ වේලාවේ මේ උලමා කොහේද හිටියේ යැයි ද උන්වහන්සේ කියසිටියහ.
ජමියතුල් උලමා සංවිධානයේ බලය මෙරට සිටි සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් වන සුෆිවරුන් අත තිබූ බවත් එම කාලයේ ගැටුම් සිදු වූයේ අවම වශයෙන් බවත් පැවැසූ ඥානසාර හිමියන් සඳහන් කළේ උලමා සංවිධානයේ බලය වහබ්වාදීන් අතට පත් වීමෙන් පසුව අන්තවාදීන් වර්ධනය වීම ආරම්භ වූ බවයි.
මෙහිදී ජමීයතුල් උලමා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශනයක් නගමින් විමසුවේ ජමීයතුල් උලමා සංවිධානය සහ සූෆී මුස්ලිම්වරුන් විරැද්ධ ස්ථාවරයක් ගත් බව ස්වාමීන් වහන්සේ කි අතර එය නිවැරැදිද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් උන්වහන්සේ පැවසුවේ ''ඔව්,ජමීයතුල් උලමා සංවිධානය දීර්ඝ කාලයක් බලය තිබුණේ සාම්ප්‍රදායික මුස්ලිම් සූෆී වියතුන්ගේ අතේ. ඒ බලය ගිලිහිලා වර්තමාන උලමාවරු අතට පත්ව තිබෙනවා.ඒකයි අපි දන්න සත්‍යය.'' බවයි.
''කාත්තන්කුඩියේ දැන් වෙන්නේ මොකක්ද කියා තව පැයකින් මට කියන්න පුළුවන්. රටට ආදරය කරන මුස්ලිම්වරු අපට තොරතුරු දෙනවා. සුනාමි කාලයේ විශාල ප්‍රමාණයක් මුස්ලිම් ප්‍රජාව නැති වුණා. ඒ අවස්ථාවේ සිංහල ප්‍රජාව ඔවුන්ට පිහිට වුණා. එහිදී ආහාරවල ඔවුන් හලාල් බැලුවේ නැහැ. අපිට එකට කාපු පිරිසක්. 2007 වෙනකන් උලමා කණ්ඩායමක් සිටිය බව දන්නේ නැහැ. හලාල් වගේ වැඩසටහන් ගෙනත් බෝම්බ අතහැරියාවගේ පාරිභෝගික භාණ්ඩවලට අතහැරියා. අපි එදාත් සාකච්ඡා කළාම අතහරිනවා කියලා මාස 3න් ඒ වැඩසටහන ක්‍රියාත්ම කළා. එදා මුස්ලිම්වරුන්ට මුදල් බෙදුවේ නැහැ. ශරියා බැංකු තිබුණේ නැහැ. මුස්ලිම් පල්ලියට ගිහින් කුරානය හදාරපු දරුවන්ට විවිධ පාට වර්ණ ගන්වලා මද්රසා ගොඩනගලා දරුවෝ සිරකරුවෝ කර තිබෙනවා. පල්ලි පල්ලි අතර සිද්ධි 15, 20ත් හරහා පුද්ගලයන් 20, 30ත් මැරිලා තිබෙනවා. නීති විද්‍යාලයේ ප්‍රශ්න ඇති වුණා. ශරීයා නීතිය ක්‍රියාත්මක කරලා උසාවිවලට පවා ගියා. අටළුගම සිද්ධිය සාමාජයේ බෙදුම්වාදයට ගෙන ගියා. මුස්ලිම් කාන්තාවෝ කාති තීන්දුවට එරෙහි වුණා. මේවාට සාම්ප්‍රදායික මවුලවිවරුන් මත පළකළා.. සාරි පොටෙන් මුහුණ වහපු කාන්තාව ගෝනි බිල්ලෝ බවට නිකාබය සහ බුර්කාව විසින් පත්කළා. බුදු පිළිම කැඩුවා. සෞදියට බුදු පිළිමයක් ගෙන යන්න බැහැ. අපි මේ ගැනයි අවධානය යොමු කළේ. මුස්ලිම් සමාජය එකට බැද තබන්නයි අපි මේ කළේ.''
යනුවෙන් නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස ඥානසාර හිමියන් වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළහ.
මේ අතර හලාල් සංකල්පය මුස්ලිම්වරුන් විශේෂ වූ දෙයක් නේද? යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ස්වාමීන් වහන්සේ පැවසුවේ ''ඒක මුස්ලිම්වරුන්ගේ අයිතියක්. ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තිබෙන්නේ. දත් බුරුසුවට මොකටද හලාල්?'' යනුවෙනි.
පාස්කු ප්‍රහාරයට පසු මුහුණ ආවරණය ඉවත් කරන ලෙස ජමියතුල් උලමා සංවිධානය දැනුම් දුන් බවද නීතිඥවරයා පැවසුවේය
No comments:
Post a Comment