පල්ලෙකැලේ නැවතත් සෙලවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

පල්ලෙකැලේ නැවතත් සෙලවෙයි


මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ.


භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවය.


කෙසේවෙතත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පැවසීය.


පසුගිය 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයෙන් ද පොළොව සෙලවීමේ සිදුවීමක් වාර්තා වූ අතර ඊට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad