කථිකාචාර්යවරුන් ගමන් ගත් මෝටර් රථයක් අඩි 40 පමණ ප්‍රපාතයකට පෙරලෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

කථිකාචාර්යවරුන් ගමන් ගත් මෝටර් රථයක් අඩි 40 පමණ ප්‍රපාතයකට පෙරලෙයි




ඌව වෙල්ලසස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (2) අළුයම 2.50ට පමණ බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අඩි 40 පමණ ප්‍රපාතයකට පෙරලී මෙන් අනතුරට ලක්වි තිබෙනවා.


අනතුරෙන් එම මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් 05 දෙනාම තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර, තුවාල ලැබූ කථිකාචාර්යවරු 5 දෙනා අතුරින් සිවු දෙනෙක් කාන්තාවන් බවත් ඉන් එක් කාන්තාවක් ගැබිණියක් බවත් පොලිසිය සදහන් කර සිටිනවා.

 





No comments:

Post a Comment

Post Bottom Ad