මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග කරයි

හිටපු අමාත්‍යවරයෙකු වන වත්මන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ නිල නිවාස යෙන් ඉවත් වන්නැයි අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

රජයේ නිල නිවාස බාර නොවීම සම්බන්ධයෙන් පළාත් සභා හාපලාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණයේ කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

අවස්ථා කිහිපයකදීම නිවසෙන් ඉවත් වන්නයි සිහිකැඳවීම් ලිපි යොමු කළද නිල නිවසෙන් ඉවත් නොවීම මත මෙම නඩුව අධිකරණය වෙත යොමු කළ බව අමාත්‍යාංශ ලේකම්වරයා සිය පැමිණිල්ලේ දක්වා ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad