ඇද හැලුණු වාර්ෂාපතනයෙන් යට වුනු කොළඹ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

ඇද හැලුණු වාර්ෂාපතනයෙන් යට වුනු කොළඹ





කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු වාර්ෂාපතනයත් සමඟ පහත් බිම් රැසක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා.


මාළිගාවත්ත, කොළොන්නාව සහ වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවල මෙලෙස පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.


අධික වර්ෂාවත් සමඟ ඇල මාර්ගවල ජලය පිටාර ගැලීම නිසා මෙලෙස පහත්බිම් යට වී තිබෙනවා.


මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10කට අයත් පවුල් 135ක පුද්ගලයින් වර්ෂාවත් සමඟ පීඩාවට පත්ව ඇති බවටයි ආපදාකළමනාකරන දේපාර්තමේන්තුව කියා සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad