කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක් ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 4.30 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වර්තා වන්නේ, කොළඹ ප්‍රදේශයටයි.

කොළඹ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත වැසි මාන අනුව, එම අගය සටහන් වන්නේ, මිලිමීටර් 121 ක් ලෙසය.

ගාල්ල, කහදුවට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 112 කි.

ගාල්ල, ඇත්කඳුර ප්‍රදේශයට මිලිමීටර් 105 ක වර්ෂාපතයක් අදාළ කාලසීමාව තුළ ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර, ඊයේ පස්වරුවේ සිට පවතින අධික වැසි හේතුවෙන්, ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවල මාර්ග ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

තද වැසි සමග කොළඹ ඉඟුරුකඩේ හංදිය ,ගාමිණි වටරවුම ,තුම්මුල්ල ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් රථවාහන තදබදයක් පැවතිය හැකි බව පොලීසිය සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad