ප්‍රභූ ඝාතන ඇතුළු විවිධ අපරාධ සිදු කිරීමේ අරමුණෙන් පාතල කල්ලි අතර ගිනි අවි, පුපුරන ද්‍රව්‍ය සහ වෙනත් අවි ආයුධ සංසරණය වන බව බුද්ධි තොරතුරු මඟින් තහවුරු කර ගෙන ඇති බව වාර්තා වේ.
පාතාල කල්ලි විසින් මෙම අවි ආයුධ සඟවා තබාගෙන සිටින බවට ද මේවන විට තොරතුරු හෙළිවී තිබේ.
තවදුරටත් නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ රහසිගත ආකාරයෙන් සඟවාගෙන සිටින බවට තහවුරු වීමත් සමඟ ඒ පිළිබඳ ඔත්තු ලබා දෙන්නන්ට විශාල මුදලක් තෑගි ලෙස ලබාදීමට ද නීති විරෝධී අවි ආයුධ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ සහාය වන පුද්ගලික ඔත්තුකරුවන්ට දිරි ගැන්වීම සඳහා ලබා දෙන තෑගි මුදල් ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට ද පොලිස්පතිවරයා තීරණය කර ඇත.

No comments:
Post a Comment