තීරු බදු සහන වාහන බලපත‍්‍රය එපා කියා පාර්ලිමේන්තු මහ ලේකම්ට ලිපියක් දෙනවා - පාර්ලිමේන්තු මන්ත‍්‍රී මදුර විතාන කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 1, 2020

තීරු බදු සහන වාහන බලපත‍්‍රය එපා කියා පාර්ලිමේන්තු මහ ලේකම්ට ලිපියක් දෙනවා - පාර්ලිමේන්තු මන්ත‍්‍රී මදුර විතාන කියයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 400 ක් වටිනා තීරුබදු සහන බලපත‍්‍රය තමාට අවශ්‍ය නැතැයි දන්වා මේ සතිය ඇතුළත පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් භාර දෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මදුර විතාන මහතා පුවත්පතකට පැවසීය.

තමා මන්ත‍්‍රීවරයකු ලෙස පත් වුවහොත් තීරුබදු සහන යටතේ ලබාදෙන වාහනය ලබාගන්නේ නැතැයි මහ මැතිවරණයට පෙර ද මදුර විතාන මහතා ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ලිපියක් භාර දුන්නේය.

ඒ මහතා නවවැනි පාර්ලිමේන්තු සභා වාරයට දියවන්නා ඔය දිගේ් නිවසේ සිට බෝට්ටුවකින් පැමිණි පළමු මන්ත‍්‍රීවරයා ලෙස ඉතිහාසයට එක්විය. හෙතෙම පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර එම ධුරයට හිමි වාහනය ද ලබා ගත්තේ නැත.

කෝට්ටේ නගර සභාව සතු බවුසර් ඇතුළු වාහන නවයක් රුපියල් ලක්ෂ 80 ක් වැනි මිලකට වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබියදී, හෙතෙම වෙන්දේසිය අවලංගු කර වාහන අලූත්වැඩියා කිරීමට පියවර ගැනීමෙන් පසු වාහනවල වටිනාකම මේ වන විට රුපියල් ලක්ෂ 1000 ක් දක්වා වැඩිවී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad