2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනතාව විසින් මහ මැතිවරණයේදී තෝරා ගන්නා ලද්දේ වසර පහක කාලයක් සඳහා බවද ඔහු පැවසීය. ඒ නිසා ඊට පෙර විශ්රාම යාමට තමන් කිසිදු අදහසට නැතැයිද ඒ මහතා කියා සිටී. පසුගියදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ මහින්ද රාජපක්ෂ මහතා 2002 වසරේදී විශ්රාම යාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.
No comments:
Post a Comment