රටවල් 06ක රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කර තිබේ.
අදාළ තනතුරු සඳහා නම් කර ඇති පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරික්ෂා කර බැලීම මෙහිදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිචන්ද්‍ර ද සිල්වා මහතා නම් කර තිබේ.
ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සංජීව් ගුණසේකර මහතා නම් කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රවිනාත් අරියසිංහ මහතා නම් කර ඇති බව සඳහන් වේ.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය ශනිකා හිරිබුරේගම මහත්මිය නම් කර තිබේ.
චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කර ඇත්තේ ආචාර්ය පාලිත කොහොන මහතා නම් කර තිබේ.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නම් කර තිබේ.
අදාළ පත් කිරිම් සම්බන්ධයෙන් සැප්තැම්බර් 23 වන දින හෝ එදිනටට පෙර ලිඛිතව කරුණූ දැක්විය හැකි අතර එම කරුණු දැක්වීම ඕනෑම පුද්ගලයෙකුට දැනුම්දිය හැකි බව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දැනුම් දී ඇත.
මෙම නව රාජතාන්ත්‍රිකයින් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇනුමැතිය හිමි වූ වහාම ඔවුන් අදාළ තනතුරුවල රාජකාරි කටයුතු ආරම්භ කිරිමට නියමිතය.
No comments:
Post a Comment