දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 6952ක් - කමිටු වාර්තාව දුන් සැණින් අගමැතිගෙන් නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2020

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 6952ක් - කමිටු වාර්තාව දුන් සැණින් අගමැතිගෙන් නියෝගයක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 6952ක් - කමිටු වාර්තාව දුන් සැණින් අගමැතිගෙන් නියෝගයක්

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන් (2015-2019) පිළිබඳව සොයා බලන කමිටුවේ මූලික වාර්තාව ඊයේ (02) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන ලදී.

2015-2019 කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන්  දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පුද්ගලයින් 6952 දෙදෙනෙක් මේ වන විට මෙම කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

ඒ අතුරින් 1152 දෙදෙනෙකුගේ අභියාචානාවලට අදාළ පරීක්ෂා කිරීම්, නිරීක්ෂණ හා ඉදිරි පියවර එම වාර්තාවට ඇතුළත් වේ.

2015-2019 කාලයේ දේශපාලන පළිගැනීම් සිදුව ඇති ආකාරය, කමිටුවට ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූ බව කමිටුවේ සාමාජිකයෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්හ.

දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ සියලුදෙනාට සාධාරණය ඉටු කිරීම මෙම කමිටුවේ වගකීමක් බවත්, ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම්, කැබිනට් මණ්ඩය දැනුවත් කොට විෂයභාර අමාත්‍යවරුන් ඔස්සේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා කමිටුවේ සාමාජිකයින්ට උපදෙස් දී තිබේ.

කමිටුවට මේ දක්වා අභියාචනා 1152ක් පරීක්ෂා කර, නිරීක්ෂණ ගොනු  484 ක් විවිධ ආයතනවලට යොමුකර ඇති අතර විමර්ශනය සඳහා කමිටුවට කැඳවා තිබෙන  අභියාචනා  සංඛ්‍යාව 372 කි.

No comments:

Post a Comment

Post Bottom Ad