ජනවරමක් ලැබුනු පලියට 20 සංශෝධනයට ඉඩ දෙන්න බෑ.. එමගින් ජේ.ආර්.ටත් වඩා රාජපක්‍ෂ පවුල බලයත් වෙනවා - බිමල් රත්නායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

ජනවරමක් ලැබුනු පලියට 20 සංශෝධනයට ඉඩ දෙන්න බෑ.. එමගින් ජේ.ආර්.ටත් වඩා රාජපක්‍ෂ පවුල බලයත් වෙනවා - බිමල් රත්නායක

දිරිපත් කර ඇති 20 වන සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ තිබුණටත් වඩා විශාල බලතල ප්‍රමාණයක් රාජපක්ෂ පවුලට ලබා ගැනීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ජනවරමක් ලැබී ඇති පලියට මෙම තත්වයට ඉඩ දිය යුතු නැති බවද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා පවසයි.

අධිකරණය, විගණනය සහ මැතිවරණ යන කොමිසන් සභා තුනම ජනාධිපතිවරයා යටතට පත් කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් උත්සාහ කර ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ඒ අනුව මෙමගින් රටේ දූෂණයට ඔටුණු පළඳවා ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad