කොන්දේසි විරහිතව 20 පරාජය කරන්න සජිත් තීරණය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

කොන්දේසි විරහිතව 20 පරාජය කරන්න සජිත් තීරණය කරයි

විසි වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වත්, එය  පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.

ඊයේ (07) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2දී රැස්වූ අතර එහිදී අදාළ තීන්දුව ඒකමතිකව ගනු ලැබීය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඒ පිළිබඳව යෝජනාව ගෙන ආ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කරනු ලැබීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත්, 19+ දක්වා එය රැගෙන යාමත් සිය ස්ථාවරය බව සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.

මේ අතර ’19න් ඉදිරියට’ තේමාව කොටගෙන ජනතා විරෝධතාවයක් අද (08) සවස 4ට ජපන් මිත්‍රත්ව  මාවතේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පිළිරුව අසලදී පැවැත්වේ. 


No comments:

Post a Comment

Post Bottom Ad