මේ ආණ්ඩුව තව වසර 10කට හොල්ලන්න බෑ.. ජනතාව ආණ්ඩුව ගැන පැහැදිලා ඉන්නේ - ජෝන් අමරතුංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

මේ ආණ්ඩුව තව වසර 10කට හොල්ලන්න බෑ.. ජනතාව ආණ්ඩුව ගැන පැහැදිලා ඉන්නේ - ජෝන් අමරතුංග

වතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තවත් වසර දහයකට වත් වෙනස් කළ නොහැකි යැයි තමන් විශ්වාස කරන බවත් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

ආණ්ඩුව විසින් විශාල පිරිසකට රැකියා ලබා දෙමින් සිදු කරන සේවාව ඇතුළු ක්‍රියාමාර්ග නිසා ජනතාව ආණ්ඩුව ගැන පැහැදී සිටින බව ද ඔහු පවසයි.

යහපාලන ආණ්ඩුව රට පාලනය කරද්දී ජනතාවගේ ප්‍රශ්න සොයා බලා කටයුතු කලේ නම් අද එක්සත් ජාතික පක්ෂයට මෙම තත්ත්වය අත්විඳින්න සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

පැවැති යහපාලන ආණ්ඩුව තරුණයන්ට රැකියාවක් හෝ ලබා දීමට අපොහොසත් වූ බවත් වත්මන් ආණ්ඩුව ලක්ෂ ගණනක් රැකියා ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් හිටපු ඇමතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා කළ වැරදිවලට වන්දි ගෙවීම් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad