සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි - රංජිත් මද්දුම බණ්ඩාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 1, 2020

සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි - රංජිත් මද්දුම බණ්ඩාර

නවිලුන්දාව සිංහරාජය පමණක් නොව සූරියකන්ද ප්‍රදේශයේ ද රක්ෂිත වනාන්තර හෙළි පෙහෙලි කිරීමක් සිදු වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

සූරියකන්ද ප්‍රදේශයේ කිලෝමීටර් හතක් මාර්ගයක් ඉදිකරන බව ද පැවසූ ඔහු එය එක් පුද්ගලයෙක් විසින් ඉදිකරන හෝටලයකට යන මාර්ගයක් බවද පැවසුවේය.

මෙම මාර්ගය ඉදි කරමින් ඇත්තේ රක්ෂිත වනාන්නතරයක් මැදින් බවත් මහ ලේකම්වරයා කියා සිටියේ.

මේ ආකාරයට ඥාතීන්ට හිතවතුන්ට යහළු මිත්‍රයන්ට පාරවල් කැපීම සඳහා ජනතාව බලය නොදුන් බවද මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ අස්ථානය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද රට තුළ නීතියක් ක්‍රියාත්මක නොවන බවත් පැවසූ ඔහු එක රටක් එක නීතියක් ‍ක‍්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන් දැයි ප්‍රශ්න කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad