කොටි ත්‍රස්තවාදී සංවිධානයක් නෙවෙයි - ජනතාවට සාධාරණය ඉටු කරන්න යුද්ධ කළ අය (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

කොටි ත්‍රස්තවාදී සංවිධානයක් නෙවෙයි - ජනතාවට සාධාරණය ඉටු කරන්න යුද්ධ කළ අය (VIDEO)

කොටි ත්‍රස්තවාදී සංවිධානයක් නෙවෙයි - ජනතාවට සාධාරණය ඉටු කරන්න යුද්ධ කළ අය (VIDEO)

එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

තමන්ගේ ජනතාවට සිදු වූ අසාධාරණය හේතුවෙන් ඔවුන්ට යුද්ධයකට බැසීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

2009 මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ සාමාන්‍ය ජනතාවට ලක්ෂයක් මරා දැමූ බවටද ඔහු චෝදනා කරයි.

දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ පැරණිම භාෂාව බවත් දෙමළ ජාතිකයන්ගේ නිජබිම ශ්‍රී ලංකාව බවත් පැවසූ ඔහු මහාවංශ ඇති දේවල් සත්‍ය නොවන බව ද සදහන් කළේය.

දෙමළ ජාතිකයන් මෙරට පැරණිම ජාතිය බව පෙන්වීමට තමන් සතුව සාක්ෂි ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

දෙරණ නාලිකාව සමගින් අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad